IPL 2020 : කොල්කටා පරදා මුම්බායි ජය ගනී

2020-10-17 at 06:24

මෙවර අයි පී එල් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් පිළ සමග ඊයේ පැවති තරගය කඩුලු 8 කින් ජය ගන්නට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත්වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් සයීද් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්වුනේ. කාසියේ වාසිය දිනු කොල්කටා පිළ පලමුවෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5 ක් දැවි ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 ක්.

පැට් කමින්ස් නොදැවි ලකුණු 53 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිළ පන්දුවාර 16 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවි ලකුණු 149 ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් නොදැවි ලකුණු 78 යි.

මේ අතර අයි පී එල් තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්විමට නියමිතයි. ඉන් පළමු තරගය පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ අතරයි.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්විමට නියමිතව ඇත්තේ.

දෙවන තරගය දිල්ලි කැපිටල්ස් හා චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායම් අතර ෂාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.