IPL 2020 : චෙන්නායි පරදා රාජස්ථාන් ජය ගනී

2020-10-20 at 06:41

මෙවර අයි පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ ෂෙයික් සයිද් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

කාසියේ වාසිය දිනු චෙන්නායි පිළ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. එහෙත් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5 ක් දැවි ඔවුන් රැස් කළේ ලකුණු 125 ක් පමණයි.

චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු රවීන්ද්‍ර ජඩේජා නොදැවි ලකුණු 35 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවි ලකුණු 126 ක් ලබා ගනිමින තරගය ජයගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් නොදැවි ලකුණු 70 ක් ලබා ගනිමින් තරගයේ විරයා සම්මානය දිනා ගත්තා.

මෙම පරාජයත් සමග චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට එනම් අටවන ස්ථානයට පත්ව තිඛෙනවා.

ඒ මුහුණ දුන් තරග 10 න් 3 ක් පමණක් ජය ගැනිම හේතුවෙන්. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමු ස්ථානයේත් / මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත් පසුවන අතර ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

එහි සිව්වන ස්ථානය හිමිව ඇත්තේ කොලක්ටා නයිට් රයිඩර්ස් පිළටයි.

මේ අතර අයි පී එල් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා කින්ග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගය අද පැවැත්විමට නියමිතව ඇත්තේ ඩුබායි අන්ර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.