IPL 2020 : තවත් තරග දෙකක් අද

2020-10-11 at 06:37

අයි පී එල් තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්වීමට නියමිතයි.

ඉන් පළමු තරගය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් පිළ හා රාජස්ථාන් රෝයල්ස් අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

දෙවන තරගය මුම්බායි ඉන්ඩියන්ස් පිළ හා දිල්ලි කැපිටල්ස් පිළ අතර ෂෙයික් සෙයාද් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි පැවැත්විමට නියමිතයි.

අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

ඔවුන් සහභාගි වු තරග 6 න් තරග 5 ක් ජයගෙන තිඛෙනවා.

දෙවන ස්ථානයේ මුම්බායි ඉන්ඩියන්ස් පිළ පසුවන අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායමටයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ පසුවන්නේ සිව්වන ස්ථානයේයි.