IPL 2021 : හයිද්‍රාබාද් හා චෙන්නායි ඊයේ ජය ගනී

2021-04-22 at 06:11

මෙවර අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.

හයිද්‍රාබාද් පිළ තරග වැදුනේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමග චෙන්නායිහිදි. චෙන්නායි පිළ කොල්කටා නයිට් රයිඩර්ස් පිළ සමගින් මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගනයේදි තරග වැදුනා. හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් පිළ පන්දුවාර 19 යි පන්දු 4 කදි සියල්ලන් දැවි රැස් කලේ ලකුණු 120 ක් පමණයි.

හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 කදි එක් කඩුල්ලක් දැවි ලකුණු 121 ක් ලබා ගනිමින් කඩුලු 9 කින් තරගය ජය ගත්තා.

නොදැවි ලකුණු 63 ක් රැස් කළ හයිද්‍රාබාද් පිළේ ජොනි ඛෙයාස්ට්‍රෝ තරගයේ විරයායි.

කොල්කටා පිළ සමග පැවති තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 3 ක් දැවි ලකුණු 220 ක් රැස් කළා. ෆැෆ් ඩුප්ලෙසිස් නොදැවි ලකුණු 95 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිලට පන්දුවාර 19 යි එක් පන්දුවක් තුල සියල්ලන් දැවි රැස් කර ගැනිමට හැකිවුනේ ලකුණු 202 ක් පමණයි.

පැට් කමින්ස් නොදැවි ලකුණු 66 යි. මෙම තරගය ලකුණු 12 කින් ජය ගැනිමට චෙන්නායි පිළ සමත්වුනා.

දීපක් චහාර් කඩුලු 4 ක් දවා ගත් අතර තරගයේ විරයා ෆැෆ් ඩුප්ලෙසිස්.

තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7 යි 30 ට මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදි ආරම්භ විමට නියමිතයි.