LPL අද සිට : පළමු තරගය කලම්බු කින්ග්ස් Vs කැන්ඩි ටස්කර්ස් අතර

2020-11-26 at 06:26

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාළාව අද ආරම්භ වෙනවා. තරග මාලාවේ සියලු තරග පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

පළමු තරගය අද රාත්‍රී 7 යි 30 ට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කින්ග්ස් හා කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ගෝල් ග්ලැඩියේටර්ස් / ජැෆ්නා ස්ටැලියන්ස් / දඹුල්ල වයිකින්ග්ස් තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම් වනවා.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව තරගාවලිය පැවැත්වෙන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි.

පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 08 කට මුහුණදීමට සිදුවනවා.

ඒ අනුව සෑම කණ්ඩායමකටම ප්‍රතිවාදී ඕනෑම කණ්ඩායමක් සමග අවස්ථා 02 කදී තරග වැදීමට සිදුවනවා.

දෙසැම්බර් 11 වනදා වනවිට ප්‍රසාද ළකුණු සටහනේ ඉහළින්ම සිටි කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

පළමු අවසන් පූර්ව තරගය දෙසැම්බර් 13 වනදාද දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වනදාද සංවිධාන කර තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසක් එක්වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ දෙසැම්බර් 16 වනදායි.