LPL තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

2020-11-20 at 17:04

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට පැමිණි තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත පකිස්ථාන ක්‍රීඩක සොහෙයිල් තන්වීර්ට මෙලෙස වෛරසය වැළඳී ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

කලම්බු කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩක රවින්දර්පාල් සිං ද කොවිඞ් ආසාධිතයෙකු බව ඊයේ දිනයේදී අනාවරණය කර ගැණුනා.

සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන සොහෙයිල් තන්වීර් ට කොරෝනා වෙරසය වැළඳී ඇතැයි දැනුම්දීමක් ලැබී ඇතැයි කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්නද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට තහවුරු කර තිබෙනවා.

කණ්ඩායමේ හිමිකාරීත්වය සමග සාකච්ඡා කර වෙනත් අයෙකු ආදේශ කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.