SL – BAN පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

2021-04-22 at 06:17

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය පළමු දිනය නිමාවන විට කඩුලු 02 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 302 ක්.

නජ්මුල් හුසේන් ලකුණු 126 ක්ද නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.