T20 තරගය ජයගැනීමට ලංකාවට 180 ක ඉලක්කයක්

2019-01-11 at 13:29

නවසීලන්තයට එරෙහි පන්දුවාර 20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 180 ක ඉලක්කයක් හිමිවුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

තරගයේ පළමු පන්දුවාර 10 තුල පිට පිට කඩුලු බිද වැටීම හේතුවෙන් නවසීලන්තය දැඩි පීඩනයකට මුහුණ දී තිබුණා.

කෙසේවෙතත් අවසන් පන්දුවාර කිහිපයදී ක්‍රියාත්මක වූ නවසීලන්ත පිතිකරුවන් අවසන් පන්දුවාර 5 තුල වේගවත් ලකුණු 75 ක් රැස් කිරීමට සමත්වුණා.

ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44යි. එස් කුකුලෙයින් ලකුණු 35 යි.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 03 ක් සහ ලසිත් මාලිංග කඩුලු 02 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉණිම මේ වනවිට ආරම්භ වී තිඛෙනවා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීයි.

Please follow and like us: