T20 ලෝක කුසලානය – අචිනිගේ තත්වය යහපත්

2020-02-17 at 06:31

දකුණූ අප්‍රිකාවට එරෙහි ලෝක කුසලාන පුහුණූ ක්‍රිකට් තරගයේදී ආබාධයට ලක් වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩිකා අචිනි කුලසුරියගේ තත්වය යහපත් බව වෛද්‍යවරුන් පවසනවා.

ඇඩිලේඞ් හිදි ඊයේ පැවති තරගයේදී පන්දු රකින අවස්ථාවේ පන්දුව හිසේ වැදීමෙන්  හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.

මුලික වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම අනතුරින් අගේ හිසට දැඩි බලපෑමක් එල්ල වී නොමැති බවයි.

ඊයේ පැවති පුහුණූ තරගයෙන් දකුණූ අප්‍රිකා කාන්තා කණ්ඩායම ලකුණූ 41 ක ජයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණූ අප්‍රිකාව නියමිත පන්දුවාර 20 දී කඩුලු 5 ක් දැවී ලකුණූ 146 ක් රැස් කළා.

පිළිතුරු ඉණිමේ පන්දුවාර 20 දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණූ 105 ක් පමණයි.

20 යි 20 කාන්තා ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව හෙට එංගලන්තය සමග තවත් පුහුණූ තරගයකට සහභාගී වීමට නියමිතයි.

මෙවර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඔස්ටේ්‍රලියාවේදියි.


ut sed sit porta. Donec efficitur. facilisis Aliquam elit. libero libero