අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

2019-04-13 at 06:47

අද දිනයේදී සබරගමුව සහ දකුණු පලාත්වලත් කලුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම / සබරගමුව / දකුණ / ඌව / වයඹ සහ බස්නාහිර පලාත්වලත් අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනිත් තැන සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර අද දහවල් 12 10 ට තිරුකේෂ්වරම් / පලයිමොඩ්ඩායි / මාලිකායි / පරක්‍රමපුර සහ කැල්ලව යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන්වන බවයි කාළගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.