ඉදිරි දින කිහිපයේ වැස්ස වැඩිවන ලකුණු

2019-01-11 at 18:58

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පළාත් රැසක වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර ඌව මධ්‍යම දකුණ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර සියයක පමණ තද වැසි ඇතිවීමේ අවදානමක්ද පවතිනවා.

මේ ඉදිරි කාළගුණ තත්වය පිළීබද පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය.

Please follow and like us: