ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වර්ධනයක්

2019-11-22 at 12:09

ඉදිරි දින කිහිපය තුළ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර / උතුර / උතුරු මැද / සබරගමුව සහ දකුණු පලාත් වලට ඉන් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි.

එම පලාත්වලට මිලිමීටර 100ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැති බව ද කාළගුණ නිවේදනයේ සදහන්.

නැගෙනහිර / බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු තීරයේ පැයට කිලෝමීටර 70 ත් 80ත් අතර තද සුලං ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.