ඉදිරි පැය 36 දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

2020-09-13 at 16:54

ඉදිරි පැය 36 ක කාලය තුල දිවයිනේ සබරගමුව / මධ්‍යම / හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් වරින් වර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයක සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින හරහා විශේෂයෙන් උතුර / උතුරු මැද / හා වයඹ පළාත්වලත් / ත්‍රිකුණාමලය / හම්බන්තොට / නුවරඑළිය මෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල වරින් වර හමන පැයට කිලෝමිටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.