ඊයේ තද සුළගින් නිවාස 150කට හානි

2019-06-10 at 18:39

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට ඊයේ රාත්‍රියේ බලපෑ තද සුළං හේතුවෙන් නිවාස 150 කට පමණ අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ එම නිවෙස් සදහා වන්දි තක්සේරු කිරීම් සිදුකරමින් පවතින බවයි.

මේ අතර අද දිනයේදී ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළා.

Please follow and like us: