දිස්ත්‍රික්ක 4 කට මිලිමීටර 200 ට වැඩි තද වැසි

2019-12-08 at 08:06

හෙට උදාසන 6යි 30වනතෙක් වලංගුවන පරිදි තද වැසි පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිඛෙනවා.

ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිණිකොණදෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ පළාත් රැසකට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අනුව අම්පාර / මඩකලපුව / මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රීක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි හැකියි.

ත්‍රිකුණාමලය/ අනුරාධපුර/ පොළොන්නරුව/ මුලතිව් කිලිනොච්චි/ වව්නියා/ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රීක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් අතර තද වර්ෂාපනයක් අපේක්ෂා කරනවා.

කුරුණෑගල / පුත්තලම / රත්නපුර / මහනුවර / කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ත් 100ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

වයඹ / උතුර / උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැයට කිලෝමීටර 40ත්50ත් දක්වා තරමක් තද සුළංද ඇතිවිය හැකියි.

මේ අතර මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්ඛෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.