ප්‍රදේශ රැසකට අදත් තද වැසි

2019-08-14 at 06:16

දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් / ගාල්ල / මාතර හා කලුතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර /සබරගමුව / මධ්‍යම / දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මෙම පළාත්වල සුළං වේගයද ක්ෂණිකව ඉහල යාමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.