ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

2019-06-10 at 08:31

අද දිනය තුල දිවයිනේ ප්‍රදේශ රැසක තරමක තද වැසි ඇති විය හැකි බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර / දකුණු / මධ්‍යම / සබරගමුව හා වයඹ පලාත්වල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින හරහා දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි සදහන්.

ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුනු අනතුරු අවම කරගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Please follow and like us: