ප්‍රදේශ රැසකට අද රෑ තද වැසි

November 5, 2018

නිරිත දිග ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද රාත්‍රීයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් නැගෙනහිර / ඌව / උතුරු මැද / සහ මධ්‍යම පලාත්වල ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.