ප්‍රදේශ රැසකට තද වැසි සමග අකූණු

2019-11-12 at 16:06

ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ රත්නපුර / නුවරඑළිය / ගාල්ල / මාතර හා කලුතර දිස්ත්‍රික් වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු අනතුරු ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ කෙටිකාලීන තද සුළංද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැදී නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩ නැගිල්ලක් හෝ සවෘත වාහනයක් තුල රැදී සිටිය යුතු වනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවලදී බයිසිකල් / ට්‍රැක්ටර් හා බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසයි කාළගුන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.