බස්නාහිර ඇතුලු පලාත් කිහිපයකට තද වැසි

2019-06-23 at 06:54

ඉදිරි පැය කිහිපයේදී බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරලට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීට 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකියි.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි අතර ධීවර හා නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.