බස්නාහිර හා සබරගමුව පළාත්වල අද වරින් වර වැසි

2020-09-22 at 06:53

බස්නාහිර හා සබරගමුව පළාත්වල අද දිනයේදී වරින් වර වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම / උතුරු මැද හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු – උතුරු මැද / හා වයඹ පළාත්වලත් / ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් / මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වරින් වර හමන පැයට කිලෝමිටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.