“සැලී” අමෙරිකාවේ ගිණිකොණ වෙරළ තීරයට

2020-09-15 at 08:13

සැලී සුළිකුණාටුව අමෙරිකාවේ ගිණිකොණ දිග වෙරළ තීරයට ආසන්න වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 135 ක වේගයෙන් හමා යන එය හෙට දිනය වනවිට ගොඩබිමට කඩා වදිනු ඇතැයි සඳහන්.

02 වන කාණ්ඩයට අයත් මෙම සුළිකුණාටුව හමුවේ ෆ්ලොරිඩා / මිසිසිපි සහ අලබාමා ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

එම ප්‍රාන්තවල මේ වනවිට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.