සුළගේ වේගය වැඩි වෙයි

2019-02-10 at 06:53

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපය තුල තරමක් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් හෙට සිට ලබන 13 වනදා දක්වා කාලය තුල මෙම තත්වය අපේක්ෂා කරන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර සවස 2න් පසුව බස්නාහිර / සබරගමුව / මධ්‍යම / දකුණ සහ ඌව පලාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.