ෆ්ලොරන්ස් සහ මැන්ග්කට් නිසා රටවල් 2 ක් සීරුවෙන්

September 13, 2018

ෆ්ලොරන්ස් සුළි කුණාටුවට මුහුණදීමට අමෙරිකාවේ උතුරු කැරොලයිනා / දකුණු කැරලොයිනා සහ වර්ජිනියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක් සූදානම් වනවා.

මේ වනවිට එය 2 වන ඝනයේ කුණාටුවක් ලෙස බලපෑම තරමක් අඩුව ඇතත් පැයට කිලෝමීටර් 175 ක වේගයකින් සුළං හමායමින් පවතින බව සඳහන්.

උතුරු කැරොලයිනා / දකුණු කැරලොයිනා / වර්ජිනියා ප්‍රාන්තවලට අමතරව වර්ජිනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිඛෙනවා. මෙම කුණාටුව හේතුවෙන් මිලියන 10 කට ආසන්න පිරිසකට විමසිල්ලෙන් සිටින ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

මේ අතර මැන්ග්කට් කුණාටුව හමුවේ පිලිපීනයට දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි අනතුරු ඇගවෙනවා. පැයට කිලෝමීටර් 255 ක වේගයෙන් හමා යන එය සති අන්තයේදී පිලිපීනයේ උතුරු ප්‍රදේශයට කඩා වදිනු ඇතැයි අපේක්ෂිතයි.

මෙම කුණාටුව හේතුවෙන් පිලිපීනයේ පාසල් / කාර්යාල රැසක් වසා දමා ඇති අතර ගොවීන් සිය අස්වනු රැකගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බව සඳහන්.