සචින්ගේ වසර 30 ක් පරණ වාර්තාව අවුරුදු 15 ක කෙල්ලෙක් කඩයි

2019-11-11 at 06:16

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අර්ධ ශතකයක් රැස්කල ලාබාලතම පුද්ගලයා ලෙස සචින් ටෙන්ඩුල්කාර් තබා තිබූ වසර 30 ක් පැරණි වාර්තාව බිඳ හෙළීමට 15 හැවිරිදි ෂෆාලි වර්මා නම් ක්‍රීඩිකාව සමත් වී තිඛෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේදීයි ඇය මෙම දස්කම දක්වා ඇත්තේ.

ඉන්දියාව වෙනුවෙන් පන්දුවාර 20 තරගයකට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩිකාව බවටද ඇය පසුගියදා පත්වුණා.

1989 වසරේදී පකිස්ථානයේ ෆයිසලාබාද් හිදී සචින් ටෙන්ඩුල්කාර් විසින් අර්ධ ශතකයක් රැස්කරන විට ඔහුගේ වයස අවුරුදු 16 ක්.