Video Games ගහන චීන දරුවන්ට නව රෙගුලාසි

2019-11-07 at 20:05

බාලවයස්කරුවන්ට වීඩියෝ ක්‍රීඩාවල නිරවිීමට අදාළව චීනය විසින් නව රෙගුලාසි කිහිපයක් පණවා තිඛෙනවා.

මේ අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට රාත්‍රී 10 සිට පෙරවරු 8 දක්වා වීඩියෝ ක්‍රීඩාවල නිරත විය නොහැකියි.

එමෙන්ම අනෙක් කාලය තුළද ඔවුන්ට වීඩියෝ ක්‍රීඩා කල හැකි වනුයේ විනාඩි 90 ක උපරිම කාලයක් තුළ පමණයි.

සති අන්තයේදී එය පැය 3 ක උපරිමයකට යටත් කර තිඛෙනවා.

චීනය සැළකෙන්නේ විඩියෝ ක්‍රීඩා අධිකව ජනප්‍රිය රටක් ලෙසටයි.

මේ අතර අන්තර්ජාල මධ්‍යස්ථාන තුළ විඩියෝ ක්‍රීඩා කරන්නේ නම් ඒ සඳහා බාලවයස්කරුවන්ට වියදම් කල හැකි උපරිම සීමා කිහිපයක්ද චිනය විසින් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.