අක්‍රීය වූ විදුලි සෝපානය ගැන වාර්තාව හෙට

2019-02-12 at 07:10

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම සම්බන්ධ වාර්තාව හෙට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දීමට අපේක්ෂා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

නිව්ස් රේඩියෝ කළ විමසීමකදි ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් පිරිසක් ගමන් කරමින් සිටියදි විදුලි සෝපානය හදිසියේ අක්‍රිය වීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින විදුලි සෝපාන සියල්ල ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය සිදුකළ බව ද වේත්‍රදාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානය අක්‍රියවීමෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පසුගිය 07 වනදා විනාඩි 15 ක පමණ කාලයක් ඒ තුල සිරවී සිටියා.