අගමැති – වරාය වෘත්තීය සමිති සාකච්ඡාව සාර්ථකයි / වර්ජනය අවසන් කිරීම ගැන තීරණය අද දහවල්

2020-08-02 at 10:56

වරාය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.

එහෙත් වර්ජනය අවසන් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා නිවුස් රේඩියෝවට කියාසිටියේ.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන වන බවට මැතිවරණයට පෙර ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලමිනුයි වරාය වෘත්තීය සමිති 23 ක් දින 04 ක සිට වැඩ වර්ජනයක නිරත වන්නේ.

ඔවුන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කලේ තංගල්ල කාල්ටන් නිවසේදීයි.

ඊට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයන් කොළඹට පැමිණ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර වර්ජනය අවසන් කරන්නේද යන අවසන් තීරණයක් ගන්නා බවයි ප්‍රසන්න කලුතරගේ මහතා සඳහන් කලේ.