අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

2020-10-27 at 06:51

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව ඌව / නැගෙනහිර සහ වයඹ පළාත් වලත් හම්බන්තොට,මන්නාරම,මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසු තැනින් තැන මිලි මීටර 50 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.