අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

2021-01-18 at 06:57

උතුරු-මැද / නැගෙනහිර / මධ්‍යම සහ ඌව පළාත් වල අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.

උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර බස්නාහිර / සබරගමුව පළාත් වලත් ගාල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් පස්වරු 1 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.