අදත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි – සඳුදා වනවිට අඩු පීඩන තත්වයක්

2020-11-21 at 08:11

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදීත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර / මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර ලබන සඳුදා වනවිට දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාවක් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

එය ඉදිරි පැය 48 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවද සඳහන්.

එබැවින් හෙට සිට දිවයිනේ උතුරු – නැගෙනහිර සහ ගිණිකොණ වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටද දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.