අදත් සවස් කාලයේ බොහෝ ප්‍රදේශවලට වැසි

2019-11-12 at 06:19

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව / මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල / මාතර සහ කලුතර දිස්ත්‍රික් වලත් මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

පුත්තලම සිට කොළ ඹ/ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකියි.