අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි

2020-10-20 at 09:01

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ ස්ථාන කිහිපයක අද උදාසන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ සුළං ඇතිවිය හැකියි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාළගුණ නිවේදනයේ සදහන්.