අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2020-10-24 at 09:49

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝ මීටර 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.