අද මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු කුලියාපිටියේදී සිදුකරයි

2020-10-24 at 16:31

අද අලුයම කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ කොරෝනා රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 2 යි 30 ට පමණ සිදුකර තිබෙනවා.

කුලියාපිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකල බවයි කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය උත්පල ගුණසේකර මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.