අද සහ හෙට දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායකයි

2020-10-14 at 09:03

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 සිට 70 දක්වා වැඩි විය හැකි බැවින් හෙට දිනය දක්වා එම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේමීගමුව සිට පුත්තලම මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 සිට60 දක්වා වැඩිවිය හැකි බවයි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝමීටර 50 සිට 55 දක්වා වැඩි විය හැකි බව සදහන්.

එබැවින් ධිවර හා නාවික ප්‍රජාව මේ පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.