හෙට සිට වැස්ස වැඩි වෙයි

2020-09-17 at 07:14

හෙට (18) සිට ලබන 21 වනදා දක්වා දිවයින හරහා සුළං වේගය සහ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමුව / මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

වයඹ පළාතේද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් උතුරු / උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළංද ඇති විය හැකි බවද කාළගුණ නිවේදනයේ දැක්වෙනවා.