අද / හෙට ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

2019-03-17 at 06:38

අද සහ හෙට දිවයිනේ පළාත් රැසක මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර / සබරගමුව / වයඹ සහ මධ්‍යම පළාත්වලත් / ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල මෙම තද වැසි තත්වය අපෙක්ෂා කරන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

වැසි සමග මෙම ප්‍රදේශවල ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Please follow and like us: