අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් අවශ්‍යයි – ඇමති ඩලස්

2019-11-22 at 15:55

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව නව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපනය උදෙසා වැය කරන මුදල් ප්‍රමාණයද වර්ධනය කිරීම කාලෝචිත බවයි.

මෙරට අධ්‍යාපනයේ පවතින ගැටලූ හදුනාගනිමින් කඩිනම් විසදුම් ලබාදෙන බවද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.