අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේසම් වන්න – ITSSL

2020-02-16 at 06:30

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේසම් වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාගය පදනම් කරගනිමින් ක්‍රීයාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තම සංගමය වෙත ලැබී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පෙන්වා දෙන්නේ.

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම යන්න තේමා කරගත් ක්‍රම ඔස්සේ මහජනතාව ආකර්ෂණය කරගනිමින් මෙවැනි වංචාවන් ක්‍රියාත්මක වන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම මූල්‍ය වංචාවන් මෙහෙයවන්නන් බොහෝමයක් බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මුදල් ලබාගෙන පසුව ඔවුන් විසින් පොරොන්දු වූ අදාල සේවාව ලබා නොදී මගහරින ආකාරයද නිරික්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

එමෙන්ම පහසු ණය යෝජනා ක්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත වක්‍රාකාරයෙන් ලබාගැනීමට කටයුතු කරන ආකාරයද අනාවරණ වී ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන විවිධ ගණුදෙණු පිළිබඳ විශේෂ අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.


quis id elit. id, porta. mi, Praesent consectetur