අසාත්මිකතාවක් හේතුවෙන් පන්නිපිටියේ පාසල් සිසුන් 16ක් රෝහල්ගත කරයි

2020-09-16 at 14:52

පන්නිපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් 16 දෙනෙකු අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිඛෙනවා.

අද උදාසන පාසලේ 8 ශ්‍රේණියේ සිසුන් පිරිසක් පාසල් වත්තේ තිබූ පාම් ගසක ගෙඩි කඩා සෙල්ලම් කරමින් සිටියදී එකවරම හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක්ව ඇති බවයි හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියා සිටයේ.

පසුව එම සිසුන් පිරිස හෝමාගම රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

කෙසේ වෙතත් අසාත්මිකතාවට ලක්වූ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.