ආණ්ඩුව ඉන්දියානු බලපෑමට ලක්ව නෑ

2021-01-27 at 17:55

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ කාරණයේදී ආණ්ඩුව ඉන්දියානු බලපෑමට ලක්ව නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

විදේශීය විනිමය ඉපැයීම, රට තුළ රැකියා නිර්මාණය ඇතුලු කාරණා සදහා රට තුළ පවතින වරාය ප්‍රයෝජන ගැනීමට නම් රටවල් අතර මෙවැනි ව්‍යාපාරික අවස්ථා ඇතිකර ගැනීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළකලා.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළද විවිධ කථීකාවත් නිර්මාණය වී ඇති බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ.