ආණ්ඩුව කරන්නේ බොරුවෙත් බොරුව -JVP

2020-06-30 at 14:42

එම් සී සී ගිවිසුම පිළිබද පොදුජන පෙරමුණේ පිරිස් ජනාධිපතිවරණ සමයේ පළකල අදහස් හා මහ මැතිවරණ සමයේදී පළකරන අදහස් පරස්පර බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එමගින් ආණ්ඩුවේ වංචනික ස්වභාවය මැනවින් අවබෝධ කර ගත හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කළේ.

මාතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමන් ඔහු මෙම අදහස් පළ කළා.

කොරෝනා වෛරසය මැඩලීමට අදාල වැඩපිළිවෙලේ ඇතැම් කොටස් මහ මැතිවරණයේ ඡන්ද ලබාගැනීම වෙනුවෙන් භාවිත කිරීමේ සූක්ෂ්ම වැඩපිලිවෙලක්ද ආණ්ඩුව ක්‍රියාවට නංවා ඇති බවටයි සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කලේ.