ආණ්ඩුව දැන් දවල් මිගෙල් රෑ ඩැනියෙල් – කාවින්ද ජයවර්ධන

2021-01-14 at 12:25

වත්මන් ආණ්ඩුව අසාර්ථකවීමට ප්‍රධාන හේතුව බොරුකීම බව සමගි ජන බලවේගය පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්වයේදීද ආණ්ඩුව සිදුකරමින් පවතින්නේ ජනතාව නොමග යැවීම සදහා බොරු ප්‍රචාර සිදුකිරීම බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ.

මේවනවිට ආණ්ඩුව දවල් මිගෙල් රෑ ඩැනියෙල් වැඩපිළීවෙලක නිරත වන බවටද කාවින්ද ජයවර්ධන මහතා චෝදනා කර සිටියා.