ආර්ථීකයේ ගැටලු තියෙනවා – රුපියල වැටීම ප්‍රශ්නයක්

November 9, 2018

රටේ ආර්ථීකයේ ගැටලු ඇතැයි තමන් පිළිගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ අද පෙරවරුවේ නව ධුරයේ වැඩ භාරගනිමින්.

බදු අයකිරිම්වල ගැටලු ඇති බවද රුපියල අවප්‍රමාණය වීම බරපතල ප්‍රශ්නයක් බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියා.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල අද දිනයේදී තවත් අවප්‍රමාණය වී තිඛෙනවා.

ඒ අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල සටහන්වූයේ රුපියල් 176 යි ශත 71 ක් ලෙසටයි.