”ඇත්ත කිව්වොත් මිනිස්සු අලයක් තම්බන් කාලා හරි ජීවත් වෙයි”

2021-06-11 at 16:40

කොවිඩ් වසංගතයෙන් මියයන සහ ආසාදිතයින් බවට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව පිළිබද සත්‍යය තොරතුරු ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

ජනතාවට කොවිඩ් වසංගතයේ සැබෑ අවදානම් තත්වය අවබෝධ කරගැනීමට නිවැරදි සංඛ්‍යා දත්ත ඉවහල් වන බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පෙන්වා දුන්නේ.

මෙරට දිනෙකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස මරණ 101ක් අද දිනයේදී වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.