ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

2019-11-20 at 06:13

ඉදිරි දින කිහිපය තුල උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර / නුවරඑළිය / කලුතර / යාපනය / ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මිලිමීටර් 50 ත් 75 ත් දක්වා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

මන්නාරම සිට පුත්තලම / කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වලට පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් දක්වා තද සුළං ඇතිවීමේ අවධානමක් පවතිනවා.

ධීවර හා නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවධාණයෙන් පසුවන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.