ඉන්දියාව කොරෝනා එන්නත අපනයන අද සිට අරඹයි – ලැයිස්තුවේ ලංකාව නෑ
2021-01-20 at 06:49

ඉන්දියාව තුළ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත සෙසු රටවල් වෙත අපනයනය අද ආරම්භ වනවා.
ඒ අනුව මියන්මාරය – සීශෙල්ස් යන රටවලට අමතරව දකුණු ආසියාවට අයත් භූතානය / මාලදිවයින / බංග්ලාදේශය / නේපාලය වෙතද අද දිනයේදී එන්නත පිටත්කර හරින බවයි ඉන්දියාව නිවේදනය කලේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව / ඇෆ්ඝනිස්ථානය සහ මුරුසි රාජ්‍යය වෙතින් මේ දක්වා නිසි අනුමැතිය ලැබී නොමැති බව ඉන්දීය රජය සඳහන් කලා.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම ඖෂධ / සායනික උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනත් රටවලට ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.
ඒ අනුව ගෝලීය අවශ්‍යතාවය පරිදි කොවිඩ් මර්දන එන්නත් සැපයීමටද කැපවී සිටින බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.
