ඊයේ ආසාධිතයන් 121 යි – 2,067 ක් රෝහල්වල – මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2,014

2020-10-18 at 06:47

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවන රෝගීන් ගණන මේවනවිට 2000 සීමාව පසුකර තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 115 දෙනෙකු සමග මේවනවිට මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 2014 ක් ලෙසයි.

විදේශයන් හී සිට පැමිණි පිරිස අතරින් 6 දෙනෙකුද ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5475 දක්වා ඉහල ගියා.

ඒ අතරින් 3395 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව සිටින සංඛ්‍යාව 2067 ක්.