ඊයේ කොවිඞ් ආසාධිතයන් 719 ක් – සමස්ත ආසාධිතයින් 52,313 යි

2021-01-17 at 06:55

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඞ් ආසාධිතයන් 719 දෙනෙකු වාර්තා වුණා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඞ් පොකුර 48 දහස් 525 දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයින් ගණන 52 දහස් 313 ක් බවට පත්වුයේ විදෙස්ගතව සිට පැමිණි 04 දෙනෙකුද වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමගයි.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7308 ක්.

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 44 දහස් 746 ක්.

මෙරට කොවිඞ් ආසාධිත මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගියා.

ඒ ඊයේ දිනයේදී තවත් මරණයක් වාර්තා වීමත් සමගයි.

ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිවී සිටි 82 හැවිරිදි කාන්තාවක අයි ඩී එච් රෝහලේදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ්19 ආසාධනයත් සමග ඇතිවූ උග්‍ර හෘද රෝගයක්.